දිගින් දිගටම පීඩනයට නතුවෙමින් සිටින ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරු මිකී ආතර්, ප‍්‍රශ්න සියල්ල අමතක කරදමා ශී‍්‍ර ලංකාවට එරෙහිව සඳුදා (17 වැනිදා) පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන තරගයේදී ලසිත් මාලිංග කෙරේ අවධානය යොමු කර සිටී.
ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් ලබාගැනීමට නම් හෙට පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කළ යුතුමය. එහෙත් තනි කී‍්‍රඩකයන් වශයෙන් අයි. පී. එල්. තරගාවලියේදී අසාර්ථක වුවද කණ්ඩායමක් සේ එකමුතුව සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මේ වන විට සිය ආත්ම විශ්වාසය වර්ධනය කරගනිමින් හොඳ දස්කම් පෙන්වමින් සිටිති.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තරගයක් පරාජය වී, අනෙක් තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානුවන් සතුවන්නේ වැස්සේ වාසියෙන් ලැබුණු ප‍්‍රසාද ලකුණු 1 ක් පමණි.
එහෙත් එංගලන්තය පරදවා ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණය නිසා ශී‍්‍ර ලංකා පිල සතුව ප‍්‍රසාද ලකුණු දෙකක් තිබේ.
මේ තත්ත්වය අනුව හෙට තරගයේදී ශී‍්‍ර ලංකා පිල ජයගතහොත් කිසිදු ප‍්‍රශ්නයකින් තොරවම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ඇන්ජලෝ මැතිව්ස් සහ ඔහුගේ කණ්ඩායම සතුය. පරහට ඇත්තේ කළගුණය පමණි. යම් හෙයකින් අද තරගයේදී ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකි වුවහොත් එය ශී‍්‍ර ලංකා පිලේ අවාසියට සිටිනු ඇත.
ඕස්ටේ‍්‍රලියානුවන් පසුවන්නේ තමන්ගේ කණ්ඩායමේ හැසිරීම පිළිබඳ ප‍්‍රශ්න වැලකට මුහුණ දෙමිනි. ඬේවිඞ් වෝනර් සහ ජෝ රූට් අතර අවන්හලකදී ඇතිවූ කලහය හේතුවෙන් මේ වන විටත් වෝනර්ට තරග තහනමක් පනවා තිබේ. එවන් තත්ත්වයක් යටතේ, පළපුරුදු කී‍්‍රඩකයන්ගෙන්ද හිග ඕස්ටේ‍්‍රලියානු පිලට වෝනර්ගේ සේවය අහිමි වීම ලසිත් මාලිංග වැනි අති භයංකාර පන්දු යවන්නකුට මුහුණ දිමේ ගැටළු ඇතිකරවන්නකි.
”මාලිංග කියන්නේ ආශ්චර්යයක්. කිසිදු සැකයක් නෑ...මේ වෙනකොට, එක්දින තරගයක අවසන් ඕවර කිහිපය යවන්න ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නා ඔහුයි” යයි මිකී ආතර් මහතා පැවසීය.
”ඇත්තටම පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව තරග කිහිපයකටම සහභාගි වෙන්න ලැබීම ගැන අප සෑහෙන්න වාසනාවන්තයි”
”අප ඔවුන්ට එරෙහිව එක්දින තරගාවලි දෙකකටම සහභාගි වුණා. එහිදී අපේ කී‍්‍රඩකයන් ලසිත් මාලිංගට සෑහෙන්න මුහුණ දුන්නා. ඒ නිසා තරගයට එන්න ඉස්සෙල්ලා අපට අපගේ සැලසුම් සකස් කරගත හැකියි” යයිද මිකී ආතර් මහතා පැවසීය.
”සෑම දෙනාම කතානරන්නේ ශී‍්‍ර ලංකා පිලේ සිටින ප‍්‍රබලතම පිතිකරුවන් තිදෙනා වන තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ගැනයි. ඒත් ඇත්තටම ශී‍්‍ර ලංකාව ඉතාමත් හොඳ කණ්ඩායමක්”
”අපේ උපරිම හැකියාවන් මත තරග කරන්න අපට සිදුවෙනවා” යයිද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විට සිටින්නේ අර්බුද රැුසකට මුහුණ දෙමිනි. එකක් අවසන් වන විට එකක් දිගහැරෙන ප‍්‍රශ්න වැලක් ඕස්ටේ‍්‍රලියානුන් හමුවේ පවතී. බරපතළම ප‍්‍රශ්නය වන්නේ කී‍්‍රඩකයන් සහ පුහුණුකරු අතර පවතින සන්නිවේදන බිඳවැටීම් සහ ආකල්පමය නොගැළපීම්ය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ වත්මන් පුහුණුකරුවා වන මිකී ආතර් මහතා දකුණු අපි‍්‍රකානු ජාතිකයෙකි.
පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගාවලියක් අතර තුර කණ්ඩායමේ සාර්ථකත්වයට කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව ලිඛිතව කරුණු දැක්වීමට ඉදිරිපත් නොවීම නිසා ඕස්ටේ‍්‍රලියානු පිලේ කී‍්‍රඩකයන් සිවු දෙනකු ටෙස්ට් කණ්ඩායමෙන් නෙරපා දමන ලදි. එම කී‍්‍රඩකයන් සිවු දෙනාගෙන් අයකු වන ෂේන් වොට්සන්, ඕස්ටේ‍්‍රලියාවේ ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයට පවසා සිටියේ මිකී ආතර් ප‍්‍රතිපත්තියක් නැති අයකු බවයි.
මේ අතරවාරයේදී මිකී ආතර්ගේ පරිපාලන රටාව සම්බන්ධයෙන්ද දැඩි විමසුමක් කෙරෙමින් පවතී.
මේ වන විට තුවාල ලබා සිටින ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක්ගේ සේවයද ඕස්ටේ‍්‍රලියානු පිලට අහිමි වන තත්ත්වයක් තිබේ. එහෙත් තාවකාලික නායක ජෝර්ජ් බේලි පවසන්නේ මයිකල් ක්ලාක් ශී‍්‍ර ලංකා පිල සමග තරගයට සූදානම් බවයි.