එංගලන්ත පිතිකරු ජෝ රූට් සමග අවන්හලකදී ඇතිකරගත් කළහය නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉතිරි තරග කිහිපයත් අළු බඳුන තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පෙරහුරු තරග දෙකත් ඬේවිඞ් වෝනර්ට තහනම් කිරීමට ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු අද (13 වැනිදා) තීරණය කළහ. අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වෝනර්ට තහනම් කර නැතත් සති තුනකට ආසන්න කාලයක් තරග වලට සහභාගි නොවීමේ හේතුව මත ඔහුට අළු බඳුන තරගාවලියේ පළමු තරගය අහිමි වීමේ වැඩි ඉඩක් පවතී.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් පනවන ලද ආචාර ධර්ම මාලාව බිඳ දැමීමට වරදකරු ව සිටින ඬේවිඞ් වෝනර්ට ඩොලර් 11,500 ක දඩයක් පැනවීමටද ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු පියවර ගත්හ.
කෙසේ වෙතත් වෝනර් අද (13 වැනිදා) විශේෂ පුවත් පත් සාකච්ඡුාවක් පවත්වමින් අවන්හලේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත්තේය.
”ඇත්තටම මා ජෝගේ මුහුණට ගැහුවා. ඒත් අද මා ඇවිත් ඉන්නේ මගේ ඒ කි‍්‍රයාව සම්බන්ධයෙන් ජෝගෙනුත් අනෙක් සේරම අයගෙනුත් සමාව ගන්නයි” යයි වෝනර් පැවසීය.