ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන සරත් එන් සිල්වා මහතාගේ මුල්වීමෙන් රුපියල් හැත්තෑ ලක්‍ෂයක් පමණ වටිනා ඇඳන් කොළඹ ජාතික රෝහලට හා ග‍්‍රමීය රෝහල්වලට බෙදා දීමේ පින්කම ජාතික රෝහලේ පැතුම් බෝධිය අභියස දී ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රෝහල් සේවා මණ්ඩලයේ අනුශාසකයන් වහන්සේලා වන කෑරගල පද්මාවතී පිරිවෙන්පති රජාවෙල නන්දරතන නා හිමි සහ සිද්ධමුල්ල පුරාණ සංඝාරාම විහාරාධිපති බ‍්‍රාහ්මණගම මුදිත නා හිමි ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සිරිල් සිල්වා, හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක මහතාද ,සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියද් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා ඇතුළු ති‍්‍රවිධ හමුදාවේ නිලධරයෝද, වෙනත් රෝහල් නියෝජනයක කරමින් නිලධරයෝ පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ. ඇඳන් 27 ජාතික රෝහලට ද, අනෙක් ඇඳන් ගුවන් හමුදාවට හා ග‍්‍රාමීය රෝහල් කීපයකට භාර දෙන ලදී.




