ඕස්ටේ‍්‍රලියා - නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා


අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ්බැස්ටන්හිදී දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ලකුණු 244 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායන නවසීලන්ත පිල තරගය අත්හිටුවන විට  ඕවර 15 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටියේය.

ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 50 කදී කඩුලූ 8 ට 243 (මැතිව් වේඞ් 29, ජෝර්ජ් බේලි 55, ඇඩම් වෝග් 71, මිචෙල් මාෂ් 22, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 29, මිචෙල් මැක්ලීන්හැන් 65/4, නේතන් මැකලම් 46/2)

නවසීලන්ත පිල  ඕවර 15 කදී කඩුලූ 2 ට 51 (ලූක් රොන්ච් 14, කේන් විලියම්සන් නොදැවී 18, ක්ලීන්ට් මැකේ 10/2)