ඕස්ට්‍රේලියාවේ අවුරුදු උළෙල


( බන්දුල අබේවික්‍රම ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර සිංහල අවුරුදු උළෙල පසුගියදා පැවැත්විණි.

ආලෝක් හිමියන් ආගමික වතාවත් ඉටු කළේය.

කෙලි සෙල්ලම් හා සංස්කෘතික සංදර්ශනයක් ද ඇතුළත් වූ මේ උත්සවයට හාර සියයක් පමණ ලාංකිකයෝද  ද ඕස්ට්‍රේලියානු ජාතිකයෝද  පැමිණියහ.

ඕස්ට්‍රේලියානු සංස්කෘතික ඇමති පීටර් ස්ටයිල්ස් මහතා ප්‍රධාන ආරාධිතයා විය.