දේශපාලන රැකවරණ පතා නීති විරොධී ලෙස ඕස්ටේරිලියාවට සංක‍්‍රමණය වීමට උත්සහ දැරූ තවත් ශ‍්‍රී ලාංකිකයෝ 48 දෙනෙකු මෙරටට පිටුවහල් කරනු ලැබ අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මීගමුව අදිකරණය වෙත ගෙන යනු ලැබීය.
ඕස්ටේරිලියානු රජය මැදිහත්ව අදාළ කණ්ඩායම මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කර ඇත.
මේ පිරිස අතර ද‍්‍රවිඩ ජාතිකයෝ 40 ක් සිංහල ජාතිකයෝ 06 ක් සහ මුස්ලිම් ජාතිකයෝ 02 නෙක් වූහ. මේ අතර කුඩා දරුවෝ 6 දෙනෙකුද වූහ.
මොවුහු ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඕස්ටේරිලියානු රජයේ නිලධාරීන් විසින් විශේෂ ගුවන්යානයකින් මෙහි ගෙන එනු ලැබූ මෙම පිරිස් ආගමන විගමන නිළධාරීන්ට බාර දුන් පසුව කරන ලද විමර්ශනයලින් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුව මෙසේ අදිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන ගියේය.