ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න දින 58ක්


බෝට්ටුවක නැගී  දින 58 ක්  මුහුදේ බියකරු අත්දැකීම්වලට මුහුණ දී ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනක් සිය බියකරු  අත්දැකීම් එසැණට කීහ.

උස්වැටකෙයියාවට ආසන්න මුහුදෙන් එක් මැදියම් රැයකදී  දියත් කළ කුඩා බෝට්ටුවක නැගී පරක් තෙරක්  නැති මුහුදේ  කල් ගත කළ බවත් මාරියාවට හසු වී  බෝට්ටුව පැද්දෙද්දී  තම සේසත රැගත් ගමන් මළු දෙකද මුහුදු බත් වු බවත්  ඔවුහු පැවසුහ.

‘ඉහළට එසවෙන රළ සමඟ  බෝට්ටුව අඩි කිහිපයක්  ඉහලට එසවී  මුහදට වැටෙනවා. ඝණ අඳුරේ දැනුන මරණ  බිය  විස්තර කරන්නට වචන නැතැ‘යි ඔවුහු පැවසූහ.

ඕස්ට්‍රේලියාවේ දී හමු වු ඇතැම් ශ්‍රී ලාංකිකයින්  මුහුණට මුහුණ දැක්කත්  නොදැක්කා සේ යන බවද ඔවුහු කීහ.