ඕස්ට්‍රේලියානු සරසවියකින් අගමැතිට ආචාර්ය උපාධියක්


ඕස්ට්‍රේලියානු රජයේ  ආරාධනයකට  අනුව එරට  නිල සංචාරයක යෙදී  සිටින අගමැති  රනිල්  වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ  මුල් පෙළේ  විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක්  පිරිනැමෙන බව විදේශ  ප්‍රවෘත්ති  ඒජන්සි  වාර්තා කරයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් රනිල්  වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් කළ නිබන්ධනය ඇගයීමට ලක් කරමින්  ආචාර්ය උපාධිය පිරිනැමෙන බව ඩිකින්  විශ්ව විද්‍යාලය නිවේදනය කර තිබේ. 

මෙම නිබන්ධනය සකස් කිරිම සඳහා අගමැති  රාජකාරි මැද මහත්  කැපවීමකින්  යුතුව දිවා රෑ  වෙහෙසුණු බව සමිපතමයන්  පවසා  ඇති  බව විදේශීය වාර්තාවල සඳහන් වේ. 

ඊයේ (13) සවස ඕස්ට්‍රේලියාවට ළඟා වු අගමැතිවරයා  දින තුනක්  මෙල්බර්න් නුවර රැදී සිටිමට නියමිතය. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ  පිහිටා ඇති  ඩිකින් සරසවියේ ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ රැසක් ඉගෙනුම ලබති. ශ්‍රී ලංකා   රජයේ  නායකයකු  එම විශ්ව විද්‍යාලයෙන්  උපාධියක්  ලබා ගන්නා  ප්‍රථම අවස්ථාව මෙය වේ.

10 11 

09

03 04