ඕස්ට්‍රේලියා හොර පාර පෙන්වූ හයකට නඩු


බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් ලාංකිකයන් 108 දෙනකු යැවීමට තැත් කළැයි කියන 6 දෙනකුට නීතිපති අද (16) නඩු පැවරීය.

මීට කලින් එම 6 දෙනාට රුපියල් 50,000 බැගින් දඩද නියම විය. වංචා විමර්ශන ඒකකය මොවුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ හලාවතිනි.

සයනුදීන් මොහොමඩ්, බාදෙර් එස්. රිස්වි, සිද්ධික් නිසාම්, තහීර් මීනා මොහොමඩ්, අලගරාසා නිදර්ෂන් හා සින්නතම්බි මුල්‍යානන්දන් ඔවුන් 6 දෙනාය.

සයනුදීන් මොහොමඩ් හා බාදෙර් එස්.රිස්වි යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කැරිණි.

වැඩිදුර විභාගය මාර්තු 9 ට කල් තැබිණි.