හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්නට ගිය මියන්මාර ජාතිකයන් 130 දෙනකුගෙන් අනූ අට දෙනකු විටින් විට මූහුද මැදදී මැරුණු පසු මුහුදට දැමූ බව දිවි බේරාගත් මියන්මාර ජාතිකයෙක් ගාලු වරයායේදී පැවැසීය.
ඔවුන් මුලින්ම මලයාසියාව බලා යාත්‍රා කළ නමුත්, මලයාසියාව ඔවුන් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.
සංගම්කන්ද මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාවෙන් බේරාගත් මියන්මාර ජාතිකයන් තිස් දෙදෙනෙක් ගාලු වරයාට මින් මද වේලාවකට කළින් රැගෙන එනු ලැබූහ.
ලෑලි ගැසූ බෝට්ටුවක් වැනි යාත්‍රාවකින් ඔවුන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.
බොහෝ දෙනා මරණයට පත් වී ඇත්තේ කෑම නැතිවීමෙන් බව භාෂා පරිවර්තක හිමිනමකගේ සහායෙන් දැනගත හැකි වූ බව නාවික හමුදාව කියයි.
ගාල්ලට ගෙන ආ තිස් දෙදෙනාගෙන් බරපතල තත්ත්වයේ පසු වූ හය දෙනෙක් වහා රෝහල් ගත කරනු ලැබූහ.
සෙසු සියලු දෙනා ද රෝහලට රැගෙන යන බව නාවික හමුදාව කියයි.