ඕස්ට්‍රේලියා සරණාගත කඳවුරු පිරේ


ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මක් දූපතේ කදවුරුවල තදබදය නිසා සරණාගතයන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වෙතියි මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

ඉන්දුනීසියාවේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවවක් සුන්ඩා සමූද්‍ර සංධියේදී ගිලී ඇති බවත්, එහි කොපමණ ප්‍රමාණයක් ගමන්ගත්තේදැයි අනාවරණය වී නැති බවත්, මළ සිරුරු පහක් හමුවී ඇති බවත්   ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය නව වැනිදා ඕස්ට්‍රේලියාවේ කාර්ය බහුල වරායකට ඇතුළු වූ ශ්‍රී ලාංකික  සරණාගතයන් 66ක් මේ වන විට ක්‍රිස්මස් සහ කොකෝස් දූපත්වලට පිටත් කැර ඇත.

ශ්‍රී ලංකා තානාපති තිසර සමරසිංහ මහතා කියනුයේ මේ හැට හය දෙනා ආර්ථික සරණාගතයන් බවයි.    ශ්‍රී ලංකා රජය සියලු ජාතීන්ට සමව සලකන බව ද, ජීවිතාරක්ෂාව ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

තානාපතිවරයාගේ එම ප්‍රකාශය දෙමළ ජනතාවට කිසිසේත් සමාන නොවන බව ලාංකික දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු කියති.