ඕස්ට්‍රේලියා යන්න ගිය 25 ක් ආපසු එති


නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය විමට  උත්සහ කොට අන්දමන් දුපත් වල අතරමන්ව සිටි  තවත් ශ්‍රී ලාංකිකයෝ 25 දෙනෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියහ.

මේ අතර ද්‍රවිඩ තරුණයෝ විසි දෙදෙනෙක්,  සිංහල දෙදෙනෙක් සහ එක්  මුස්ලිම් තරුණයෙක් වුහ.

මොවහු   කිලිනොච්චිය, යාපනය, කළුතර හා හම්බන්තොට  යන  ප්‍රදේශවල පදිංචිකාරයෝ වෙති.

සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය මොවුන් මෙරටට ගෙන ඒමට මැදිහත්ව ක්‍රියා කොට ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදි මොවුන්ගේ ආගමන විගමන කටයුතු සිදුකර රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා අංශයේ විමර්ශනවලින් සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරීක්ෂන වලින් අනතුරුව අද දහවල් මීගමුව උසාවියට ඉදිරිපත්කිරීමට නියමිත බව දැනගන්නට ඇත.