ඕස්ට්‍රේලියා මුහුදේ 55 ක් මුහුදු බත් ?


අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ සරණාගතයන් 55 දෙනකු ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසළ දී යාත්‍රාව මුහුදු බත්වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මියගිය අය කවර රටකට අයත්දැයි සොයාගෙන නැතත් වැඩි වශයෙන් ශ්‍රී ලංකා , බුරුම , ඉරාක හා ඇෆ්ගනිස්ථානයේ සරණාගතයන් මෙහි වෙතියි ඕස්ට්‍රේලියාව කියයි.

මීට දින කිහිපයකට පෙර මුහුදේ තිබූ එම බෝට්ටුව ගුවන් මගින් නිරීක්ෂණය කළ බවත් දැන් එය දක්නට නොමැති බවත් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ පවසා ඇත.

කො‍කෝස් දූපතේ සිට නාවුක සැතපුම් 250 ක් පමණ ඈත මුහුදේදී මුහුදු බත්වන්නට ඇතැයි සිතන මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරාගැනීමට ගුවන් යානා දෙකක් යෙදවූ බව ඕස්ට්‍රේලියානු සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය පවසයි.