ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු ඇතුළු අනවසර සංක්‍රමණිකයන් සිය දෙනකු බටහිර ජාවා දූපතේ සියංජූර්හි දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය කියයි.
ඔවුන් ට්‍රක් රියකින් හා කුඩා බස් පහකින් ගමන් කරමින් සිටියහ.
ශ්‍රී ලාංකිකයන් 43 දෙනා සින්ඩෑන් බැරෑන් අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට පත් වන විට ඔවුන් සිය අන්තිම ගමනාන්තය වන ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට යෑමට සිටි බව ජාවා පොලිසිය කියයි.

