ඕස්ට්‍රේලියා පත්‍රයක් හමුදා දොස් දකී


ශ‍්‍රී ලංකික ආරක්‍ෂක හමුදාවෝ දැඩි දෝශ දර්ශනයට   මානව හිමිකම්වලට එරෙහිව කටයුතු කරතියි ශ‍්‍රී ලංකික ආරක්‍ෂක හමුදා දැඩි  දෝශ දර්ශනයට ලක්වෙන බව  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි මොර්නිං හැරල්ඩ් පුවත්පතේ ජාතික සම්බන්ධීකරණ කතෘ වාර්තා කරයි.

 ඔහු දක්වා තිබෙන ආකාරයට ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා යුද්ධයේ අවසන් මාසයේදී     සිදුකරණ ලද සමූහ යුද අපරාධ වල සාක්කි ක‍්‍රමානුකූළව වළදමා තිබෙන බව අලුත් වාර්තා අනුව හෙළිවෙන බව කියයි.

මෙය අනුව යුද  මුක්ත ප‍්‍රදේශවලට සාමාන්‍ය වැසියන් ගාල් කොට හමුදාව කිසිදු වග     විභාගයකින් තොරව හිතාමතාම කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකොට දස දහස් ගණනින් සාමාන්‍ය වැසියන් මරාදමා තිබෙන  බවත් එම පුවත් පත කියයි.