හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවති දෝශාභියෝගයේදී ශ්‍රී ලංකාවේ රජයෙන් කළැයි කියන දේශපාලන අතපෙවීම් නිසා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සමුළුව ඔස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර නායකත්වය පෙළගැස්වීමටත්, සමුළුව කෙළඹ පැවැත්වීමට ඉඩ නොතැබීමටත් ක්‍රියා කළ යුතු බව ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ බැරිස්ටර්වරයකු වන ජෙෆ්රි රොබොටිසන් කී බව ඕස්ට්‍රේලියාවේ ලෝක ප්‍රවෘත්ති පවසයි.
නොවැම්බර් මාසයේදී පවත්වන මෙම සමුළුවට එංගලන්තයේ මහා රැජින සහභාගී විය යුතු බවත්, ඕස්ට්‍රේලියා රජය නීති ගරුක රටක් ලෙස ගෞරවයෙන් යුක්තව මෙම සමුළුවට සහභාගී නොවිය යුතු බවත්, ශ්‍රී ලංකවේ ජනාධිපතිවරයාට රැජින හෝ රාජකීය පවුල්වල අය සමග කිසිදු ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව නොදිය යුතු බවත් සඳහන් කොට එංගලන්තයේ ප්‍රධාන නීතීඥ සංගමයට විශේෂ ලිපියක් ද මේ වන විට යොමු කර ඇති බවත් රොබොට්සන් මාධ්‍යයට පවසා ඇත.