ඕස්ට්‍රේලියා නව අගමැති සමුළුවට එයි


ඕස්ට්‍රේලියාවේ නව අගමැති පදවියට පත් ටෝනි ඇබට් ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වන බව මහින්ද රාජපක්ෂ ජනපති සමග දුරකතනයෙන් පැවසූ බව ඕස්ට්‍රේලියා මාධ්‍ය කියයි.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින මේ සමුළුවට සහභාගී නොවන්නීය. ඇගේ පුත් ඔටුන්න හිමි චාල්ස් කුමර එම සමුළුවට එන්නේය.

රැජිනගේ සහභාගීත්වයක් නොමැතිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවක් පැවැත්වෙන්නේ වසර 40කට පසුවය.

ඕස්ට්‍රේලියා නියෝජිත පිරිසක් පසුගිය ජූනියේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඕස්ට්‍රේලියා නායකයාගේ ගමනේ මූලික කටයුතු සංවිධානය කළේය.