ඕස්ට්‍රේලියා ගිය දොස්තර දෙලොවක් අතර


ඕස්ට්‍රේලියාවේ දී 2014 තම සැමියා මරා දැමී යැයි සිව් වසරක සිරදඬුවමකට නියම වී, ලබන ජූනි මාසයේ දී කොන්දේසි සහිත සමාවක් ලැබීමට නියමිත ශ්‍රී ලංකා වෛද්‍යවරියක අධිකරණය හමුවේ දී පැවසූයේ ඉන් පසු ඇය  ඇය ශ්‍රී ලංකාවට යැවීමට ඉඩ ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකාරියක වන චමරි ලියනගේ (36) දිනේද්‍ර අතුකෝරාළ නම් සිය සැමියා 2014 ජූනි මාසයේ දී බටහිරි ඕස්ට්‍රේලියාවේ දී මිටියකින් ගසා මරා දැමී යැයි අනියම් මිනී මැරීමට  වරදිකාරිය වූවාය. අධිකරණයේදී ඇය කියා සිටියේ පස් වසරක විවාහ ජීවිතයේ දී සැමියාගේ අධික ලිංගික ක්‍රියා ශාරීරික හා මානසික වද වේදනා දරුණුම අන්දමින් පැවති බවයි.

තම සැමියගෙන් වෙන් වීමට හය පාරක් උත්සාහ කළත් යක්ෂයකු ලෙස හැසිරුණු සැමියාගෙන් බේරීමට නොහැකි වූ බවත් ඇය කීවාය.

ඇයට නියම වූ දඬවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට නියමිතය. දඬුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරතියි බියෙන් සිටින බව ඇගේ නීතීඥයා කියයි.