ඕස්ට්‍රේලියා ගිය 45ක් ආපසු එති


හොරෙන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයෝ 45ක් අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ.

ඉන් අටක් කැමැත්තෙන් ආ අය වෙති.

කැමැත්තෙන් ආ පිරිසට පමණක් ඔවුන්ගේ ජීවිකාව ඇරැඹීම සඳහා ආධාර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයය කියයි.

එහෙත් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට එවන සියලු දෙනා ආපසු හරවා යවන බව ඕස්ට්‍රේලියාව යළිත් අවධාරණය කරයි.