ඕස්ට්‍රේලියා ගමන මිරිස්සට පමණයි


රුපියල් ලක්ෂ අටක් ගෙවීමේ පොරොන්දුව මත බහු දින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යන්නට ආ උතුරු නැගෙනහිර 28 දෙනෙක් ද, ඔවුනට ආධාර අනුබල දුන් දකුණේ තිදෙනෙක් ද මිරිස්ස ධීවර වරායේදී අද අත්අඩංගුවට ගනු ලැබූහ.

උතුරේ සිට පැමිණි වෑන් දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

උතුරේ එකම පවුලේ හත් දෙනෙක් ද, කුඩා දරුවෝ පස් දෙනෙක් ද අත්අඩංගුවේ පසුවෙති.

මුහුද මැදදී, රුපියල් ලක්ෂයක් ද, ඕස්ට්‍රේලියාවට ගිය පසු ලක්ෂ හත බැගින් ගෙවීමට ඔවුන් පොරොන්දු වී ඇතැයි පොලීසිය කියයි.