ඕස්ට්‍රේලියා ගමන කළුවාමෝදරින් ඉවරයි


ඕස්ට්‍රේලියා යන්නට ආ 44 දෙනෙක් අළුත්ගම කළුවාමෝදරදී කන්දෙවිහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියළු දෙනාම කිලිනොච්චිය, මඩකලපුව, මාතලේ වැනි පෙදෙස් වලින් පැමිණි දමිළයෝය.
පිරිමි 37 දෙනෙක්ද, ළමෝ 5 ක්ද , ගහැණු 04 ක්ද එම පිරිසට අයත් වෙති. ඔවුන් වාහන තුනකින් කළුවාමෝදරට පැමිණ අද අළුයම 2.00 ට පමණ වෙරළට යද්දී පොලිසියට අසුවිය.