ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා රේගු ගිවිසුමට අත්සන් තබති


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රේගුව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර රේගු කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට පර්ත් නුවරදී අස්සන් තැබීය.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ කොමසාරිස් මයිකල් ඕට්‍රම් යන මහත්වරු අස්සන් තැබූහ.

මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රේගු කරුණුවලට අදාලව සහයෝගිතාවය සහ අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම විශේෂයෙන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.