ඕමාන් තුන්වෙනි ලේකම්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරයි


(යොහාන් භාසුර)

මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණි වහාම  අත්අඩංගුවට ගෙන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඔහු ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.