ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා‘ නිවසේ රඳවා සිටින තමට බිරිඳව තව දුරටත් එම ස්ථානයේ රඳවා තැබීමෙන් ඇගේ ජීවිතයට තර්ජනයක් පවතින බැවින් ඇයව ජාත්‍යන්තර සංක්‍රමනියකයන්ගේ සංවිධානයේ බාරයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බාරයට ගන්නා ලෙස අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු වන ඇගේ සැමියා අද එම ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.
ඔහු පවසන්නේ ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස ගිය තම බිරිඳට එරට හාම්පුතා අතින් අතවරයට ලක්ව ඇති බව තමා දැනගත් බවත් ඒ අනුව පසුගිය අප්‍රියෙල් 16 වෙනි දින තමා මේ පිළිබඳව මෙරට විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයට දැන්වු නමුත් මේ වන තෙක් ඇයට සාදාරණය ඉටු කර නැති බවයි.
පසුගිය අප්‍රියෙල් 29 දින ඕමානයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පවත්වාගෙන යන ‘සුරක්ෂා‘ නිවසේ භාරයට ඇය පත් කර ඇති මුත් ඔවුන් එම හාම්පුතාට විරුද්ධව එරට පොලිසියකට සිද්ධිය පැමිණිලි නොකොට සිද්ධිය යට ගසා තිබී ඇති බවටද ඔහු චෝදනා කරයි.
එමෙන්ම ඇයව දූෂණයට ලක් කිරීමෙන් ගැබ්ගෙන ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ගෘහ සේවාකාවන්ගේ ආරක්ෂාවට ඇති zසුරක්ෂාz නිවසේ නිලධාරීන් ඇයට පහරදී තර්ජනය කර බලහත්කාරයෙන් එරට පෞද්ගලික රෝහලකදී ගබ්සාවකට ලක් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුන බව ඔහු කියයි.
එමෙන්ම සුරක්ෂා නිවසේ නිලධාරන් ඇයට තර්ජනය කර එම නිලධාරීන්ගේ අවශ්‍යතා අනුව ගබ්සාවක් සිදු නොකළ බවට ලිපි ලියාගෙන ඇති බවත් තමන්ට දැනගන්නට ලැබුන බවත් ඔහු සඳහන් කරයි.
මේ පිළිබඳව ඕමාන් පොලීසිය පරික්ෂණයක් අරඹා තිඛෙද්දී එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාවද හදිසියේ මෙරටට කැඳවා ඇති බව තමන්ට දැනගන්නට ලැබුන බවත් එසේ වීමෙන් පසු මෙම පරීක්ෂණ යට යනු ඇතැයි සැකයක් තමන් තුළ ඇති බවද ඔහු කියයි.
එබැවින් ඇයට තවදුරටත් සුරක්ෂා නිවසේ ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි බැවින් ඇය පිළිබඳ එරට පොලීසිය විසින් සිදුකරන පරික්ෂණ අවසන් කර ඇයට සාධාරණය ඉටු කොට ඇය ශ්‍රී ලංකාවට එවන තෙක් ඇය ජාත්‍යන්තර සංක්‍රමනිකයින්ගේ සංවිධානයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බාරයට ගන්නා ලෙස එම ආයතනවලින් ඉල්ලීමක් කළ බව ඔහු කීවේය.

