ඕමාන ගිය කතගේ පැමිණිල්ල විභාගයට ගනී


ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස ගිය අම්පාරේ කාන්තාවක හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට සුරක්ෂා නිවසේ දී ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තා  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසම විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයට අද (03) නියෝග කළේය.

මානව හිමිකම් කොමිසම එම නියෝගය කළේ ගබ්සාවක් වුණැයි කියන අම්පාරේ කාන්තාව කළ පැමිණිල්ලක් අද (03) විභාගයට ගත් අවස්ථාවේ දීය.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ  ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රංදෙනිය, සහකාර පොලිස් අධිකාරී ලංකා රාජිනී, විදේශ අමාත්‍යංශයේ ප්‍රදීපා සේරම් මහත්ම මහත්මීහු ද, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ හා සුරක්ෂා නිවසේ නිලධාරීන් පිරිසක් ද මෙහි වගඋත්තර කරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.‍ෙපැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පමණක් වගඋත්තරකරුවන් වෙනුවෙන් සහභාගී විය.

අගතියට පත් කාන්තාව වෙනුවෙන් නීතීඥ ජානක අධිකාරි මහතා පෙනී සිටියේය.

පැමිණිලි විභාගයෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ නීතීඥ අධිකාරී මහතා මෙසේද කීවේය.

‘අද අපි මෙතනට ආවේ මානව හිමිකම් කොමිසම කළ කැදවීමකට අනුවයි. ඕමානයේ රැකියාවකට ගිය අම්පාරේ කාන්තාව එහිදී හාම්පුතා අතින් අතරවයකට පත්වුණා. ඒ අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය අකාර්යක්ෂමව තමයි සිද්ධියට මැදිහත් වුණේ. ඒ වගේම ඔවුන් ඇත්ත යට ගහන්න උත්සාහ කළා. එම සිදුවීම් ගැන නිසි විමර්ශනයක් කළේ නැහැ.  ඇයට කරදරයක් සිදුවූ බවට සාක්කි තිබිය දී එසේ නොවු බව  අගවමින් කරන සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඒ තුළින් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් තමයි අද කරුණු දැක්වුයේ.‘

පැමිණිලි විභාගය අවසන්ව මානව හිමිකම් කොමිසමෙන් එළියට පැමිණි මංගල රන්දෙනිය මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න ප්‍රශ්න කිහිපයක් ඇසූහ.

ප්‍රශ්නය - මානව හිමිකම් කොමිසමේ දි අද මොකද වුණේ?

පිළිතුර - මේ ගැන පරික්ෂණයක් කළා.  එච්චරයි.

ප්‍රශ්නය- ඔබ  කලින් මාධ්‍යයට කිව්වා නේද ගබ්සාවක් කරලා නැහැ කියා?

පිළිතුර- ගබ්සාවක් කළේ නැහැ කියා වෛද්‍යවර්තාවල සදහන් වෙනවා.

ප්‍රශ්නය- ඔබ කිව්වා මේ සිද්ධිය රහස් පොලිසියට භාර දෙන බව?

පිළිතුරු-  සීඅයිඩි එකට බාර දිලා තියෙන්නේ.  සීඅයිඩි එකට බාර දිලා තියෙනවා, පොලිස්පතිට ලිවුම යවලා තියෙනවා.

ප්‍රශ්නය- නඩු දනවා කියලත් කිව්වා නේද?

පිළිතුර- නඩුවක් දාන්න නීතිඥ මහත්වරුන්ට අවශ්‍ය තොරතුරු ලබා දි  තියෙනවා. අපේ නීති අංශය  තමයි නඩුව දාන්නේ.

ප්‍රශ්නය - කාට විරුද්ධවද නඩුව දාන්නේ.

පිළිතුර-   මේ කාන්තාවට වෛද්‍ය වාර්ථා තියෙනවනේද ගබ්සාවක් කරයි කියලා. සමාවෙන්න. වෛද්‍ය වාර්ථාව තියෙන්නේ ගබ්සාවක් වුණේ නැහැ කියලා.

ප්‍රශ්නය- ඇය ගබ්සාවක් වුණු බව කියමින් මෙහි පැමිණිල්ලක් කළා නේද?

පිළිතුරු-  ඒක දැන් වෛද්‍ය වාර්ථා වලින්නේ හොයා ගන්න ඕනෑ.   වෛද්‍ය වාර්ථා වල තියන දේ අනුව තමයි ඉදිරිපත් කර තියෙන්නේ. කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වි තියෙනවා. එම කණ්ඩායමේ  වාර්තා වලින් අනාවරණය වී තියෙනවා මේ කාන්තාව ගැබ් ගෙන ඉදලා නෑ කියලා. ගැබ් නොගත් කාන්තාවකට කොහොමද ගබ්සාවක්  කළා කියන්නේ.

ප්‍රශ්නය- ඇයි තානාපති   කඩි මුඩියේ ඉවත් කළේ?

පිළිතුර- විදේශ සේවා අමාත්‍යංශයෙන් මේ ගැන අහන්න බැරි ඇයි?

ප්‍රශ්නය - මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වේදියකුට තර්ජනය කළා කියා චෝදනා තියෙනවා නේද?

පිළිතුර - ඇයි විදේශ අමාත්‍යංශයෙන් අහන්න ඕන ප්‍රශ්න ඇයි මගෙන් අහන්නේ.

ප්‍රශ්නය - ඔබට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා නේද?

පිළිතුර - ඇයි විදේශ අමාත්‍යංශයෙන් අහන්න ඕන ප්‍රශ්න ඇයි මගෙන් අහන්නේ.

ප්‍රශ්නය - ඔබට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා නේද?

පිළිතුර - කොහෙද ඔප්පු වෙලා තියෙන්නේ? පදනමක් නැති ප්‍රශ්න අහන්න එපා කැමරාවක් අතේ තිබුණට.

(ඡායාරූප හා වීඩියෝ් අමිල දර්ශන හේරත්)

DSC_0007 DSC_0012