ඕමාන හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට සුරක්ෂා නිවසේ දී අම්පාරේ කාන්තාවකට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සත්‍ය බව එම සුරක්ෂා නිවසේ සිට ලංකාවට ආ තවත් කාන්තාවෝ සිව් දෙනෙක් කියති.
සිද්ධිය වසන් කරන්නැයි බලධාරින් බලපෑම් කළ බව ද, අම්පාරේ කාන්තාවට සාධාරණයක් ඉටු වන තුරු ඇය වෙනුවෙන් පෙනී සිටින බවද ඔවුහු කියති.
තමන්ට සාදාරණයක් කරන ලෙස ඉල්ලමින් අම්පාරේ කාන්තාව දැමූ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ අද විභාග කිරීමට නියමිතය.

