ඕමාන්යේ දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු සුරක්ෂා නිවසේ දී ගබ්සාවක් කළැයි කියන අම්පාරේ කාන්තාව අද බොරැල්ලේ කිංසිපාරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළාය.
එතෙර අපි සංවිධානයේ නීතීඥ ජානක අධිකාරී මහතා ද, ඇගේ සැමියා ද සමඟ මානව හිමිකම් කොමිසමට පැමිණි ඇය මානව කීවේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවයි.
තමාට ‘ගැස්ට්‍රයිටිස්‘ හැදී ඇතැයි කියමින් සුරක්ෂා නිවසේ නිලධාරින් මැයි 22 වැනි දා රෝහලකට රැගෙන ගිය බවත්, සේලයින් ලබා දුන් බවත්, බෙහෙතක් විදීමෙන් පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත්, තමා රෝදපුටුවක වාඩිකර තල්ලුකරගෙන යනු මතක බවත් එම කාන්තාව කීවාය.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ රැකියා කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රංදෙනිය, සහකාර පොලිස් අධිකාරී ලංකා රාජිනී, විදේශ අමාත්‍යංශයේ ප්‍රදීපා සේරම් මහත්ම මහත්මීහු ද, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ හා සුරක්ෂා නිවසේ නිලධාරීන් පිරිසක් ද මෙහි වගඋත්තර කරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.



