රොමේෂ් මධුෂංඛ
උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (16) අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කාර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිව් දෙනෙකු මිය ගිය බවට ඕමන්ත පොලීසිය පවසයි.
යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියකට අද උදෑසන කාර්රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අදාළ කාර් රථය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුවී තිබේ.
රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය අනාවරණය කර ගෙන ඇත.


