වර්තමාන පරම්පරාව තුළ ගීත නිර්මාණ කරුවන් ලෙස ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින ඔවුන් ගේ නිර්මාණ විටක ජාත්‍යන්තර ඇගයීමට පවා පාත්‍රවිය.ඔහු සන්තුෂ් වීරමන්ය.වර්තමාන ගී නිර්මාණ හා පරම්පරාව ගැන ඔහු සදහන් කලේ මෙවන් අදහසකි.
ඕනම දෙයක් පරිණාම කාලයත් එක්ක වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒ දේ කාලයත් එක්කම නැතිවෙලා යන එක වෙන්නේ. අපේකම වේවා, තාක්ෂණය වේවා ඊළඟ පරම්පරාවෙ සිතුම්පැතුම් පෙර පරම්පරාව අවබෝධ කරගන්නෙ නැතුව පරම්පරා දෙක අතර සම්බන්ධයක් ඇති නොවී කාලයක් ඉන්නකොට පරතරයක් ඇති වෙනවා. පස්සෙ පෙර පරම්පරාවෙ ඥානය ඊළඟ පරම්පරාවට යන්නෙත් නෑ. පළවැනි කාරණය පරම්පරා අතර සම්බන්ධය දැඩිව තියෙන්න ඕන.අපි ඉගෙන ගන්න ගියත්
අපි ඇයි ඇයි කිය කිය ප්‍රශ්න කරමින් ඉගෙන ගන්නේ. දකුණු ආසියාවට වෙන ලොකුම ප්‍රශ්නය ඒක. අලුත් දේ කරන්න බයයි.හේතු හොය හොය ඉන්නවා. ලොකු ඉතිහාසයක් තියන රටවල් රාමුවකට කොටුවෙලා. ඉන් වෙනස් වෙන්න මිනිසුන්ට අමාරුවෙනවා. එහෙම වෙද්දි සමාජය තුළ අලුත් දෙයක් කරන්න බයයි. කෙටි ඉතිහාසයක් තියන රටවල් ගොඩක් අලුත් දේවලට පෙළඹෙනවා. ඒ අය අදටත් ගිහින් හඳ දිහා බලන් ඉන්නවා. රටක ඉතිහාසය, සම්ප්‍රදාය ආශිර්වාදයක්. ඒ දේවල් අවබෝධයෙන් වටහා ගන්න ඕන. එහෙම නැතුව ඒ දේවල් කරගෙන යනව නම්, රටක් ඉදිරියට යන්න ඕන.
නිදුක් මදුෂික



