ඕඅයිසීගේ කුඩු පිරික්සීමට පහසුකම් නෑ


වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ළඟ තිබී සොයා ගත් කුඩුවර්ගය කුමක්දැයි හඳුනාගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් නැතැයි රජයේ සරපරීක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රානන්දු මෙනවියට දැනුම් දුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාසය උසාවියට දැන්වූයේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ඇති බවයි.

මුණසිංහගේ බිරිය රෝෂිනී චන්ද්‍රකාන්ති මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා සිටින්නීය.

මුණසිංහ, එස් මධුසංඛ, තුවාන් ෆරීක් හා පාතිමා ෆරීමා මාර්තු 11 තෙක් යලි රිමාන්ඩ් කරනු ලැබූහ.