ඔළුවෙන් ගසා පොලිස් මුර පොලේ වීදුරු කඩයි


කරාපිටිය නගරයේදී ගුටි ඇනගත් දෙදෙනකු බීමත්ව සිටියේදැයි බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීම සඳහා රෝහල් පොලීසියට ගෙන ඒමෙන් පසුව එක් තැනැත්තකු හිසින් ගසා එහි වීදුරු පොඩි කර ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ හිසටද තුවාල සිදු වී ඇත. දෙදෙනාම බීමතින් සිටි බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසයි