ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු 500 ක් පමණ අම්පාර නගරයේ ඔර්ලෝසු කණුව අසල මහපාරේ වාඩිවී අද පස්වරු 2 ට පමණ උද්ඝෝෂණයක යෙදුණහ.
ඒ අසල ඇති සියලු පාරවල් මෙම උද්ඝෝෂණය හේතුවෙන් අවහිරවන අතර නිරායුධ පොලිසිය පැත්තකටවී සිටින බව ප්‍රදේශවාසීහු කියති.
රජයේ බලධාරියකු පැමිණ තම දුක් ගැනවිලිවලට විසඳුම් දෙනතුරු උද්ඝෝෂණය අවසන් නොකරන බව ඔවුහු කියති. ප්‍රධාන පාරවල් සියල්ල අවහිරවී ඇති හෙයින් වාහන අතුරු පාරවල්වලින් යන ආකාරය දැකගත හැකිය.
ජායාරූප - සමන් දිසානායක

![DSC_0814[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08141.jpg)
![DSC_0829[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08291.jpg)
![DSC_0836[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08361.jpg)
![DSC_0840[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08401.jpg)
![DSC_0849[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_08491.jpg)
