(බිමල් ජයසේකර - ඇමෙරිකාවේ සිට ) ඇමෙරිකාවේ ඔහායෝ බෞද්ධ විහාරයේ අවුරුදු උළෙල අප්‍රේල් 20 වන දින සින්සිනාටි නගරයේ එම විහාරස්ථාන භූමියේදී පැවැත්විණි. විහාරාධිපති කෝප්පකන්දේ සුමනජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ මෙම උළෙල, ශමි හෙට්ටිආරච්චි මහතා ඇතුළු අවට නගරවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකික දායක පිරිසගේ එකමුතුවෙන් පැවැත්විණි. කිරි ඉතිරවීම, අවුරුදු මේසය, වැඩිහිටියන්ට බුලත් දීම, හිස තෙල් ගෑම වැනි චාරිත්‍ර වලට විශේෂ ස්ථානයක් මෙහිදී ලබාදී තිබුණු අතර රබන් ගැසීම, කොට්ට පොර, කනා මුට්ටිය බිඳීම වැනි ක්‍රීඩා රැසක්ද ඇතුළත් කර තිබිණි.
මේ සියලු දේ එක්වීම නිසා තම මවු රටේදී අවුරුදු චාරිත්‍ර ඉටුකරන හා අවුරුදු ක්‍රීඩා කරන ආකාරයේ හැගීමක් සියලුදෙනාටම ඇතිවූ අතර අමෙරිකාවේ උපන් ලාංකික දරුවන්ට සුවිශේෂී අත්දැකීමක් විය.