ඔස්මන්ට වෙඩිතැබීමේ සැලැස්මට පාතාලයත් දේශපාලකයකුත් හවුල්


ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව මෙහෙයවා ඇත්තේ ප්‍රබල පාතාල සාමාජිකයකුට වෙඩි තැබීමේ සිද්ධියකට සැකපිට බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයකු බවත්, වෙඩි තැබීමේ සිද්ධියට 10 දෙනකු පමණ සම්බන්ධ වන්නට ඇතැයි සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

සති දෙකක පමණ කාලයක සිට ව්‍යාපාරිකයා යන එන තැන් ගැන සෝදිසියෙන් සිට වෙඩි තැබීම සිදු කර ඇති බව ද, වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව පිටුපස   දේශපාලනඥයකු  ද සිටින බව මෙතෙක් කළ විමර්ශනවලදී හෙළි වී යැයි ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ගම්පහ උඩුගම්පොළ දී ඔස්මන් ගුණසේකර නම් ව්‍යාපාරිකයා ගමන් ගත් ජිප් රියට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මෝටර් රථය සහ ටී පනස් හය ගිනි අවි දෙක සමඟ සැකකරුවෝ දෙදෙනෙක් ගම්පහ කොට්ටාස අපරාධ   විමර්ශන ඒකකය විසින් අද (12) අලූයම  අත්අඩංගුවට ගනු ලැබූහ.

ටී - 56 ගිනි අවි දෙකක්  සමඟ පතුරොම් 52ක් සහ මැගසින් දෙකක්   සැකකරුවකුගේ නිවසේ අල්මාරියක සඟවා තිබිය දී සොයා ගත් බව පොලිසිය පවසයි.  සැකකරුවන් දෙදෙනා ගනේමුල්ලේ පදිංචි 26 සහ 28 වැනි වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි.

ව්‍යාපාරිකයා කිරිඳිවිට ප්‍රදේශයේ සිට උඩුගම්පොළට යද්දී කටුගස්තර පාලම පසු කරද්දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි  පසුගිය අට වැනි දා දහවල් 11ට පමණ වෙඩි තබා පළා ගොස් තිබිණි. වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයා ගමන් ගත් ජිප් රියේ පිටුපස ගිය පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ජිප් රියේ ඉදිරිපස අසුනේ ගිය ව්‍යාපාරිකයාට වෙඩි තැබීමෙන් හානියක් සිදුවී නොතිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය (නීතිය බලගැන්වීමේ ඒකකය) සහ ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබි‚.

ඝාතනයට සම්බන්ධ බව කියන පිරිසක් ගනේමුල්ල ප්‍රදේශයේ නිවසකට එකතු වී ඇතැයි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව පොලිසිය ගනේමුල්ලේ අදාළ නිවස සොයා ගොස් තිබේ.

නිවස පිහිටි වත්තේ වැසි අවාරණවලින් වැසූ වාහනයක් දැක එය පිරික්සද්දී එම වාහනය අපරාධය සඳහා යොදා ගත් මෝටර් රථය බව තහවුරු කරගෙන ඇති පොලිසිය නිවස පරීක්ෂා කරද්දී එහි අල්මාරියක සඟවා තිබූ ටී-56 හය ගිනි අවි දෙක, පතුරොම් තොගය සහ මැගසින් සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව එම නිවසේ තරුණයකු (26) අත්අඩගුවට ගත් පොලිසිය පසුව අනාවරණය වූ තොරතුරු මත එම ප්‍රදේශයේම තවත් තුරුණයකු (28) අත්අඩංගුවට ගෙන තිබේ. එම තරුණයා සතුව තිබී රුපියල් 38,000ක මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔහු ප්‍රකාරශ කර ඇත්තේ එම මුදල් සිය සහෝදරයාගේ බවයි. අයුධ නිවසේ තිබූ තරුණයා දුර බැහැර ප්‍රදේශයක සිට අත්අඩගුවට ගත් දා උදෑසන පැමිණි බව ද, ඔහුගේ මිතුරකු වාහනය සහ ගිනි අවි ගෙනැවිත් දැමූ බව ද නිවැසියන් කියා තිබේ.

මේ වන විට පොලිසිය කළ විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ අපරාධය සඳහා යොදා ගත් මෝටර් රථය  ජාඇල ප්‍රදේශයෙන් මාසයක කාලයක් සඳහා කුලියට ගෙන ඇති බවයි. වෙඩි තැබීමෙන් පසු කිරිඳි වැල, අවිස්සාවේල්ල ආදී ප්‍රදේශවලට ගොස් ඇති සැකකරුවන් ඊට දින කිහිපයකට පසු මොටර් රථය ගනේමුල්ලේ නිවසට ගෙනැවිත් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීම සඳහා මෝටර් රථයේ සිව් දෙනකු ගොස් ඇති බවත්, මේ වන විටත් එම සැකකරුවන් හ`දුනාගෙන ඇති බවත්, ඇතැම් සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ සහ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ›ලාල් පෙරේරා , සේනාධිපති ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී ක්ලෙමන් ප්‍රනාන්දු , ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඩබ්ලිව් ඒ ගෆාර් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා සහ පොලිස් සැරයන් 52475 ආරියපාල,  කොස්තාපල්වරුන් වන 2926  පුෂ්පානන්ද, 68073 ඉසුරු, 87775 උපාලි සහ 18473 ජයතිලක අතුලූ පිරිසක් විමර්ශන  කරති.