රෝමයේ පදිංචිව සිටි දුම්මලසූරිය මර්වින් සම්පත් පෙරේරා (23) නමැති ශ්‍රී ලාංකික තරුණයකු ඕස්ට්‍රියාවේදී වැවක ගිළී මියගොස් ඇත.
ආගමික චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව තවත් පිරිසක් සමග දිය නෑමට ගොස් මඩේ එරීමෙන් වතුර පෙවී සිටි තරුණයා හෙලිකොප්ටරයෙන් රෝහල කරා ගෙන යන අතරතුර මිය ගිය බවත්, සිරුර ඕස්ට්‍රියාවේ සිට රෝමයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් ඥාතීහු පවසති.