2016 වසරේදී බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට රොබෝවරුන් 500 කින් සැදි හමුදාවක්ද අනුයුක්ත කිරීමට බ‍්‍රසිලය සැරසේ.
රොබෝවරුන් මිලදී ගැනීමට පවුම් ලක්ෂ 42 ක් වැය කිරීමට නියමිතය.රොබෝවරුන් මිලදී ගැනෙනුයේ ප‍්‍රකට ඇමරිකානු සමාගමක් වන අයිරොබොට් සමාගමෙනි.අයිරොබොට් සමාගම ඇමරිකා හමුදාවන්ගේ මෙහෙයුම් වලට අවශ්‍ය වන රොබෝවරුන් සපයයි.
පැක්බොට් නමින් හැදින්වෙන මේ මිලදී ගැනීමට නියමිත රොබෝවරුන්ට පැවරෙන කාර්යභාරය වනු ඇත්තේ මිනිස් ආරක්ෂක භටයන්ට යා නොහැකි ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.විශේෂයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා නිරීක්ෂණ කටයුතු සිදුකිරීමද මේ රොබෝ බළකායට පැවරේ.පුපුරණ ද්‍රව්‍යයක් හමුවුවහොත් එය එම ස්ථානයෙන් බැහැර වෙනත් ස්ථානයකට
ගෙන යාමේ හැකියාවද මේ රොබෝවන්ට ඇත.රාජකාරියේදී අවශ්‍ය වන නවීන කැමරා,වැඩිදියුණු කරන ලද සංවේදක ආදී උපාංගයන්ගෙන්ද මෙම රොබෝවන් සමන්විතය.