ඔරුගොඩවත්තේ හොර සහල් ගබඩාවක්


ඇසුරුම් මාරු කර වෙළඳපොළට යැවීමට සූදානම් කරමින් තිබූ ආනයනය කළ සහල් තොගයක් ඔරුගොඩවත්ත පෞද්ගලික ගබඩාවකින් සොයාගත් බව පාරිබෝගික අධිකාරිය කියයි.

ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ගබඩාව වටලන අවස්ථාවේ එහි දොරගුළු වසා පිරිසක් සහල් තොගය වෙනත් ජනප්‍රිය නමකින් යුත් ඇසුරුම් වලට මාරුකරමින් සිටි බවත් එහි සහල් ටොන් 200කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් කියති. එම සහල් වලින් කොටසක් පරිබෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බවද වැටලීම කළ නිලධරයෝ කියති.