ඔරිගන් පන්සලේ වෙසක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් උත්සවය මෙවරද උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

විහාරවාසි පල්ලේබාගේ සරණ හිමියන්ගේ අනුශාසනා පරිදි ඔරිගන් ප්‍රාන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගයෙන් පැවැත්වුණු මෙම උළෙල ඉරිදා දහම් පාසලේ දරු දැරියන්ගේ පෙරහරකින්ද, වෙසක් පහන් කූඩු තරගයකින් සහ ළමා හා වැඩිහිටි භක්ති ගීත ගායනාවලින්ද අලංකාරවත් විය.