ඔර්ලෝසුවෙන් සැකකරු අල්ලයි


පසුගියදා තුම්බෝවිලදී මරා දැමුණු මාලදිවයින් ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් මාලදිවයින් ජාතිකයකු (21) පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මාල දිවයිනේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් මත ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව මෙරටට පැමිණි මාලදිවයින් ජාතිකයා මරා දැමීමට සැකකරු රුපියල් 1,40,000 ක මුදලක් ලබාගෙන ඇතැයි අනාවරණයවී ඇත.

වෑන් රථයක් මිලදී ගැනීමට යන මුවාවෙන් එම පුද්ගලයා රැගෙන ගොස් මරා දමා ඇතැයිද ඝාතනයට යොදා ගත් පිහියක් හා ඔහුගේ අතේ බැඳි අත් ඔර්ලෝසුවක්ද පොලිසිය සොයාගෙන ඇත. ඝාතනයට ලක්වූ මාල දිවයින් ජාතිකයා එරට මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු බවද පොලිසිය පවසයි.

සැකකරුගේ ජංගම දුරකථනය ඇලකට විසිකර තිබියදී කිමිඳුම්කරුවන් යොදා සොයාගැනීමට හැකිවී ඇති අතර සැකකරුගේ අතේ බැඳි ඔර්ලෝසුවට ජංගම දුරකථනයකින් කෙටි පණිවිඩ ලැබී ඇති බවත් ඒ අනුව සැකකරු සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි. එම අත් ඔර්ලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බවත් පොලිසිය සොයාගත් ජංගම දුරකථනය රුපියල් ලක්ෂයක පමණ වටිනාකමින් යුත් එකක් බවත් කියති.

maldives_20151110C0085-21 maldives_20151110C0085-231 

maldives_20151110C0085-2356 maldives_20151110C0085-235 maldives_20151110C00851

maldives_20151110C0085-2375