අනුරාධපුරයේ ඔයාමඩුව දැයට කිරුළේදී ගරාජ හා හරක් මඩුත් නිවාස ලෙස අනුමත කරවාගෙන ආධාර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගල්ගමුවේදී පැවසීය.
‘අපි විශේෂයෙන්ම මේ දැයට කිරුළ තුළ මූලික ඉලක්ක කීපයක් සපුරා ගන්න බලාපොරොත්තු වෙනවා. කුරුණැගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව මැතිවරණ කොට්ටාසයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ ග්‍රාම සේවා වසම් 152ම සෑම පවුලකට ඉසුරුමත් නිවහනක් හිමිකර දෙන්න බලාපොරොත්තු වෙනවා.
වැසිකිලි නැති නිවාස ගාණන, ස්ථිර නැති නිවාස ගාන අපි දන්නවා. ග්‍රාම සේවා වසමේ මුළු නිවාස ගානත් දන්නවා.
ඒ ගාන ඇරෙන්න ඊට වැඩි වෙන්න බෑ.
මොකද මම දන්නවා ගෙවල් හදද්දී අනුරාධපුරේ මා දැක්කා 24000ක් හදන්න පටන් ගත්තේ, තිස් දාහෙන් ඉවර වුණේ. අත්ට්‍රැක්ටරේ නවත්වන්නත් ගැරෙජ් එකක් ගහලා උළු ගත්තා. හරක් මඩුවටත් උළු තිබ්බා. නියම අයට හම්බුණේ නෑ සමහර තැන්වල.
ඒ නිසා ගමේ ජංගම සේවය තියෙද්දී ඒ අය ගැන හරියට අදුනගෙන නියමිත අයටම නිවාස දීම අපේ වගකීමක්.‘