ඔබේසේකරපුරෙත් වෙඩි තැබීමක්


කඹුරුපිටියේ හර්ෂ සී යසස්ට රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී මද වේලාවකට පෙර වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.ඔහු දින කිහිපයකට පෙර මාතර උසාවියෙන් ඇප ලබා සිටියේය.

පපුවට වැදුනු වෙඩි පහරින් තුවාල ලැබූ ඔහුට ඇන් සැත්කමක් කිරීමට ශල්‍යාගාරයට ඇතුලත් කරන බව කොළඹ ජාතික රෝහල කියයි.

මෙම පුද්ගලයාට එරෙහිව මිනී මැරුම් ඇතුළු අපරාද රුසක නඩු ඇතැයි පොලිසිය කියයි.

යසස් බත් කමින් සිටියදී යතුරුපැදිකරුවන් දෙදෙනකු පැමිණි බවත් එක් අයකු කළු ජැකට්ටුවක් ඇඳ ෆුල්ෆේස් හෙල්මටයක් පැළඳ සිටි බවත් අනෙක් පුද්ගලයා සුදු ටීෂර්ටයක් ඇඳ මුහුණ ආවරණය කරගෙන සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.

ගේ ඇතුළටම ආ මෙම දෙදෙනා ඔහුට වෙඩි තබා නිමේෂයකින් පළා ගිය බව පෙනේ යැයි පොලිසිය පවසයි.