ඔබාමාගේ ලිපි දෙකක් විකුණයි


ඇමරිකා ජනපති බරක් ඔබාමා කෙන්යාවේ වෙසෙන සිය නෑහිතවතුන් අමතා ලියූ ලියුම් දෙකක් ඔහුගේ සොහොයුරා විසින් විකිණීමට යන බව වාර්තා වේ.

මලික් ඔබාමා නම් වන ජනපති බැරක් ඔබාමාගේ සොහොයුරා වෙසෙන්නේ කෙන්යාවේය.ඔහු බරක් ඔබාමාගේ පියාගේ පළමු විවාහයෙන් ලැබුණු දරුවෙකි.

ගැරී සිමට් නම් ඇමරිකා ජාතිකයෙකුගෙන් කෙරුණු ඉල්ලීමක් මත මලික් ඔබාමා මේ ලියමන් විකිණිමට යන බව කියැවේ.එක් ලියමනකට පමණක් ඔහු විසින් ඩොලර් 15,000 (රුපියල් ලක්ෂ ) ක මුදලක් ඉල්ලා ඇත.මේ ලියුම් වල ජනපති බරක් ඔබාමා ඔහුගේ කෙන්යා ජාතික නෑහිතමිතුරන් කෙරෙහි දක්වන සැළැකිල්ල ගැන සදහන් බව පැවසේ.

ගැරී සිමට් නම් කියන්නේ වැයකළ යුතු මුදල කුමක් වුවත් තමන් මේ ලියමන් මිලදී ගන්නා බවයි.විවිධාකාරයේ භාණ්ඩ එකතු කර ගැනීම විනෝදාංශයක් කරගෙන ඇති තමාහට මේ ලියමන් දෙක ඉතා වටිනා බව ඔහු කියයි.