ප්‍රංශයේ වෙසුල් හි 19 වෙනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත්
‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටිය මෙවර හිමිකර ගත්තේය. ආසියා රටවල චිත්‍රපට 70ක් අතරින් ජයගත් එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වැනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි කරගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපාති.. මෙම නිර්මාණය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.
ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයක් එක් කරමින් නිර්මාණය වූ මෙම සිනමා පුවත , ආදරයේ කවියක් අවසානය දක්වා ගලා යනසේ නිපැයු විශිෂ්ට නිර්මාණයක් බව සම්මාන උළලේ දි ඡුරිය පැවසුවේය. එහි නිර්මාණ කරු වූ ප්‍රසන්න විතානගේ ›ලාංකික විශිෂ්ඨ සිනමා කරුවාගේ සහභාගිත්වයෙන් ඔබ නැතුව ඔබත් එක්ක සිනමා නිර්මාණය අප්ප්‍රේල් 03 වැනි බදාදා දහවල් 12.30ට පැරීසියේදි තිරගතවේ. පැරිස් කලාප අංක 16හි ගිමේ කෞතුකාගාර සිනමා ශාලාවේදි එම චිත්‍රපටි නැරඹිය හැක.