
(සුජිත් හේවාජුලිගේ)
දෙසැම්බර් මස 17වනදා සිට ඔන්ලයින් දඩ ගෙවීමේ ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධාන කෙරැණු වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

