කතරගම බුත්තල මාර්ගයේ ඇතින්නියෝ දෙදෙනෙක් ( වයස අවුරුදු 18-22) වනජීවී ඇමති විජිත් විජයමුනි ද සොයිසා මහතාගේ කැබ් රිය පිටුපස කිලෝමීටර් දෙකහමාරක් පමණ එළවාගෙන ගියහ. ඇමැති ද කැබ් රිය සාමාන්‍ය වේගයකිකත් ධාවනය කරන්නට සලස්වා ඇතින්නියන් දෙදෙනා ලුහු බදින ආකාරය බලා සිටියේය.පසු ගිය අගහරුවාදා මෙම සිද්ධිය වාර්තා විය
අලි ඇත්තු 25 -30 පමණ මෙම ප්‍රදේශයේ සිටිති. මෙම සතුනට කෑම නොදෙන්නැයි වනජීවී නිලධරයෝ මහජනයාගෙන් ඉල්ලිමක් කරති. ඇතැම් අලි අතුන් දැනටම මිනිසුන් දෙන කෑමට පාරට එන බවත් එය එම සතුන්ගේ පැවැත්මට හානියක් බවත් ඔවුහු කියති.