
(යොහාන් භාසුර)
ඇල්ල ඔඩෙසි දුම්රියේ ප්‍රවේශපත් පෞද්ගලික ආයතනයක් අන්තර්ජාලය හරහා අළෙවි කරන බවට එල්ල වන චෝදනාව සහ ‘සීතාවක ඔඩිසි’ දුම්රිය නියමිත වේලාවට පිටත් නොවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
‘ඇල්ල ඔඩෙසි’ දුම්රියෙන් ගමන් ගන්න මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 99.99 ක් හෙවත් රුපියල් 36,000 ක් අයකර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍රයක් අළෙවි කිරීමට උත්සහ කරන බවත් තොරතුරු ලැබී තිබේ.
එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00 ට ධාවනය ආරම්භ කිරීමට නියමිත ‘සීතාවක ඔඩිසි’ දුම්රියේ ආසන වෙන්කරවාගත් මගීන් සම්පූර්ණයෙන්ම පිරී සිටිය ද නියමිත වේලාවට ධාවනය නොවීම ඇතුළු කඩාකප්පල්කාරී, අදෘශ්‍යමාන කිසියම් වැඩ පිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලා තිබේ.

