(අංජුල මහික වීරරත්න)
ඔට්ටු ඇල්ලීම හා සුදු බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම පිණිස 2025 අයවැය යෝජනා මඟින් සහත සඳහන් යෝජනා ඉදිරිපත් කරන ලදී.
* දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම.
* ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළු වීමේ බද්ද ඇමෙරිකානු ඩොලර් 50 සිට 100 දක්වා ඉහළ නැංවීම.
ඒ අනුව, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇත. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.