(විමුක්ති එස් රුද්‍රිගු)
එංගලනතයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වසර 105කට පසුව ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවකට එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යභාවය ලබා දී ඇත.
මෙලෙස ශිෂ්‍යභාවය ලබාගෙන ඇත්තේ පූජ්‍ය වාඩිගල සමිතරතන ස්වාමින් වහන්සේය. ඒ අනුව එංගලනතයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයත් ශාන්ත ක්‍රොස් පාසලේ බෞද්ධ අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා සමිතරතන ස්වාමින් වහන්සේට අවස්ථාව ලැබී ඇත.
තංගල්ල වාඩිගල ප්‍රදේශයේ උපත ලැබූ සමිතරතන හිමියන් කුඩා කළ සිටම ඉගැනීමට හපන්කමක් දැක්වූ හිමි නමක් ලෙස සැලකේ. සමිතරතන හිමියන් මධ්‍යම පළාතෙන් උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වෙමින් ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වී ඇත.
එසේම සමිතරතන ස්වාමින් වහන්සේ සිරි සුනන්ද පිරිවෙනේදී සහ මහාවිහාර මහා පිරිවෙනේදී සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ප්‍රගුණ කර ඇති අතර බෞද්ධ ආගමික අවසාන විභාගයේදී ප්‍රථම ස්ථානයද හිමිකර ගෙන ඇත. ‘රාජකීය පණ්ඩිත’ ශාස්ත්‍රීය ගෞරව නාමයෙන්ද සමිතරතන ස්වාමින් වහන්සේ පිදුම් ලබා තිබිණි .
මීට පෙර පූජ්‍ය සූරියගොඩ සුමංගල ස්වාමින් වහන්සේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබූ අතර ඒ 1919 වසරේදීය. පූජ්‍ය සූරියගොඩ සුමංගල ස්වාමින් වහන්සේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබූ පළමු බෞද්ධ භික්ෂුවද වූවේය.