ඓශ්වර්යා දිවි නසා ගන්නට තැත් කරලා...


2016-12-09-ent-25

 

පසුගියදා පකිස්තාන් වෙබ් අඩවියකින් ආරම්භ වී ලොව පුරා වේගයෙන් පැතිර ගිය පුවතක් වූයේ ඓශ්වර්යා රායි දිවි නසා ගන්නට තැත් කිරීමය. ඇය ඖෂධ වර්ගයක් වැඩිපුර පානය කර රෝහල්ගත කර සිටින බවද ඒ පිළිබඳ පුවත් මාධ්‍යයට හෙළිදරව් කරන්නට බච්චන් පවුල ඉඩ නොදෙන බවත් ඒවායින් කියැවිණි.

ඇය දිවි නසා ගන්නට උත්සාහ කර ඇත්තේ අමිතාබ් සහ ජයා බච්චන් සමඟ ඇති කර ගත් ගැටුමකින් පසුවය. එයට හේතුව වී ඇත්තේ ඒ දිල් හා මුෂ්කිලි චිත‍්‍රපටියේ ඓශ්චර්යා සහ රන්බීර් කපූර්ගේ සමීප දර්ශන ඔවුන් නොඉවසීමය.

මේ කටකතා පිළිබඳව බච්චන් පවුලේ කිසිවෙකු කිසිදු අදහසක් පළ නොකිරීමත් ඒවා වැඩි වෙන්නට හේතු වූයේය.

එහෙත් කටකතා විශ්වාස කළ සියලූ දෙනාගේම ඇස් පුදුමයෙන් මහත් වූයේ ඉන් දෙදිනකට පසුව පැවැත්වුණ මනීෂ් මල්හෝත‍්‍රාගේ 50 වෙනි උපන්දින සාදයට අභිෂේක් සමඟ පැමිණි ඓශ්චර්යා දැකීමෙනි. ඇය හැඳ සිටියේ කළු පැහැති, අලංකාර ගවුමකි. සුපුරුදු ලෙසට ඇය පියකරුව දිස් වූවාය.

‘‘මෙහෙමත් කටකතා හැදෙනවනෙ ඇත්තට..’’

කිසිවෙකු කියනවා ඇසිණි.

 

2016-12-09-ent-26
2016-12-09-ent-27