කොළඹදී ව්‍යාජ ස්වයංක්‍රීය ටේලර් කාඩ් මගින් ඒ ටී එම් ගිණුම් වලින් හොරට මුදල් ගත්තැයි කියන තුර්කි ජාතිකයෝ දෙදෙනෙක් හා යුක්රේන ගැහැණියක ලබන බදාදා (16) තෙක් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.
කුරුදුවත්තේ ටේලර් යන්ත්‍රයකින් මුදල් ගනිද්දී තුර්කියේ ෂන්බර්කන් හාකන් හා අහමඩ් අක්ඩෙමිට් ද යුක්රේනයේ මාරියන් ලෙව්චන්කෝ චුම්බක කාඩ්පත්, දත්ත සහිත උපකරණ සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.

